දැනටමත් සායනික අත්හදා බැලීම්වල යොදවා ඇති එන්නතක් නිපදවීමට චීනයේ කැන්සිනෝ ජෛව විද්‍යා සමාගම සමග සහයෝගයෙන් කටයුතු කරන බව කැනඩාවේ ජාතික පර්යේෂණ කවුන්සිලය කියයි.
මෙම හවුල්කාරිත්වය තුළින් අවසානයේදී කැනසිනෝ හි එන්නත, කැනඩාවේදී මිනිසුන් ඇසුරෙහි අත්හදා බැලීම සඳහා අනුමැතිය ලබාගත හැකිය.
"මේ එන්නත සම්බන්ධයෙන් විශාල පොරොන්දුවක් පවතිනවා. මන්දයත් කොවිඩ්-19 සඳහා ඵලදායී එන්නතක් ලැබෙන තුරු, වෛරසය අපගේ සමාජ හා ආර්ථික සියලු අංශ කඩාකප්පල් කරනු ඇති" යැයි ජාතික පර්යේෂණ කවුන්සිලයේ (NRC) සභාපති ඉයන් ස්ටුවර්ට් පැවසීය.
කැනඩාවේ ජාතික පර්යේෂණ කවුන්සිලය මීට පෙර ඉබෝලා එන්නතක් සඳහාද කැන්සිනෝ සමාගම සමග සහයෝගයෙන් කටයුතු කර තිබුණි.
උතුරු ඇමෙරිකානු කලාපයටම අයත් ඇමෙරිකා එක්සත් ජනපදය දිනපතා තම රට තුළ මියැදෙන සාමාන්‍ය ජනතාව බේරාගැනීම පසෙක තබා, කොවිඩ්-19 වෛරසය චීනය විසින් නිපදවූවක් බවට චෝදනා නඟමින් සිටින පසුබිමක, එම කලාපයේම කැනඩාව චීනය සමග එක්ව වෛරසය පිටුදැකීමට සහයෝගයෙන් කටයුතු කිරීම මේ අවස්ථාවේදී වෛරසයට එරෙහිව පමණක් නැගී සිටින ලෝකයේම අපේක්ෂාව බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.