රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් එරට බලධාරීන්ට නියෝග කළේ ලබන සතියේ සිට රට තුළ විශාල වශයෙන් කොවිඩ්-19 එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කරන ලෙසය.
"වැඩ කටයුතු සංවිධානය කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා. එවිට ලබන සතිය අවසන් වනවිට අපි මේ මහා පරිමාණ එන්නත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ඇති" යනුවෙන් පූටින් වීඩියෝ සම්මන්ත්‍රණයකදී පැවසීය.
ජනාධිපතිවරයා සඳහන් කළේ සෞඛ්‍ය වෘත්තිකයන් සහ ගුරු වෘත්තිකයන් මෙම මාත්‍රාව මුලින්ම ලබා ගන්නා බවයි.
අන්තර්වාර ප්‍රතිඵල අනුව, කොවිඩ්-19 වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා රුසියාව දේශීය වශයෙන් නිපදවන ලද ස්පුට්නික් V එන්නත 92%ක ඵලදායී බව ඔවුන් පසුගිය මාසයේ ප්‍රකාශ කිරීමෙන් පසුව ඊයේ (02දා) රුසියානු නායකයා මෙය අවධාරණය කර තිබේ.
ගෙවීගිය දිනයේ රුසියාව විසින් තවත් කොවිඩ්-19 ආසාදන 25,345ක් වාර්තා කර ඇති අතර, එමගින් සමස්ත ආසාදන සංඛ්‍යාව 2,347,401ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට කොවිඩ්-19 ප්‍රතිචාර මධ්‍යස්ථානය බදාදා ප්‍රකාශ කළේය.
පසුගිය දින තුළ වාර්තාගත ලෙස නව මරණ 589ක් වාර්තා වූ අතර, රටේ සමස්ත මරණ සංඛ්‍යාව 41,053ක් දක්වා ඉහළ ගොස් තිබේ.