පේරාදෙණිය රෝහලේ මෘත ශරිරාගාරයේ පසුගිය 28 වෙනිදා සිට තැන්පත් කර ඇති කොරෝනා 19 වෛරසය ආසාදිතව මිය ගිය පුද්ගලයාගේ සිරුර ඥාතීන් හෙට (02දා) දිනයේ උදෑසන 9ට පෙර භාර නොගන්නේනම් කොරෝනා නිති රිති අනුව දේහය ආදාහනය කිරිමට සෞඛ්‍ය බලධාරීන්ට නියම කරන බව පේරාදෙණිය රෝහලේ හදිසි මරණ පරික්ෂක අමල් ජයවර්ධන මහතා පවසයි.
කොරෝනා ආසාධිත දේහයන් ඉක්මනින් ආදාහනය කිරිමට නීති රීති වල ඇති බැවින් මෙම දේහය රජයේ වියදමින් ආදාහනය කිරිම සඳහා සෞඛ්‍ය අංශවලට නියම කරන බවද අමල් ජයවර්ධන මහතා පැවැසීය.
මෙම පුද්ගලයා ඔහුගේ බිරිඳ සමඟ කොළොන්නාවේ පදිංචි දියණියගේ නිවසට සැප්තැම්බර් මස 26 වන දින ගොස් තිබෙන අතර සංචරන සීමා ඉවත් කිරීමෙන් පසු ඔවුන් 27 දින පෞද්ගලික වාහනයකින් යළි නිවස බලා එමින් සිටියදී ඔහුට අසනීප වී පේරාදෙණිය රෝහලට ඇතුලත් කරණ විටදි ම මියගොස් ඇත. පසුව කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මේ සම්බන්ධව පවුලේ ඥාතින් දැනුවත් කළ පසු දේහය භූමිදානය සඳහා අවසර දෙනවානම් භාර ගැනීට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. එසේම දේහය ආදාහනය කරන්නේ නම් භාර ගැනීමට අකමැති බව සඳහන් කර තිබේ. මෙම දේහය දැන් දින හතක් තිස්සේ පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ පවතී.
මෙසේ මරණයට පත් ව ඇත්තේ ගලහ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි මොහොමඩ් ෆාරුක් නැමැත්තෙකි. මෙය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම කොවිඩ් මරණයද වෙයි.