කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා ආසාදිත පිරිස මිලියන 4 සීමාවට ආසන්න වී ඇති අතර, අද (09දා) අලුයම එය 3,935,764ක් ලෙස සටහන් විය.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය පුද්ගලයන් ගණන 275,000 සීමාවට පැමිණ ඇති අතර, එම අගය මේ වනවිට 274,651කි.
මීට අමතරව මේ දක්වා වෛරසය ආසාදිතව සුවය ලැබූවන් සංඛ්‍යාව එම විශ්වවිද්‍යාල දත්තවලට අනුව 1,311,291ක් ලෙස අද (09දා) අලුයම සටහන් විය.