නව කොරෝනා වෛරසය ආසාදිත බවට ඊයේ (02දා) උදෑසන තහවුරු වූ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ගුවනින් ධවල මන්දිරයේ සිට මේරිලෑන්ඩ් හි වෝල්ටර් රීඩ් රෝහල වෙත ඇතුළත් කර තිබේ.
ධවල මන්දිරයෙන් පිටත රැඳී සිටි වාර්තාකරුවන් පැවසුවේ ට්රම්ප් හෙලිකොප්ටරයට ඇවිද ගොස් ගොඩවූ බවත්, ඔහු මැරීන් වන් හෙලිකොප්ටරයෙන් රෝහල වෙත රැගෙන ගිය බවත්වය.
කෙසේ වෙතත් වෛරසය ආසාදිතව සිටින ජනාධිපති ආර්යා මෙලනියා ට්රම්ප් සමග රෝහල වෙත රැගෙන ගියේ නැති බවද විදෙස් වාර්තා පවසයි.
මෙතෙක් කලක් මුඛ ආවරණ ප්රතික්ෂේප කරමින්, එයට සමච්චල් කළ ට්රම්ප් මුඛ ආවරණයකින් සැරසී හෙලිකෝප්ටරය වෙත ගිය අතර, එහි රැඳී සිටි වාර්තාකරුවන්ට අදහස් දැක්වීමෙන් වැලකුණු ඔහු අත වැනීමක් පමණක් කළේය.
ධවල මන්දිරය පවසන්නේ ජනාධිපතිවරයාගේ පූර්වාරක්ෂාව වෙනුවෙන් හමුදා රෝහල වෙත ඇතුළත් කළ බවත්, ඔහු එහි සිට සිය රාජකාරි දිගනම කරගෙන යෑමට කටයුතු කරනු ඇති බවත්ය.
ධවල මන්දිර මාධය ලේකම් කයිලි මැක්නානි පවසන්නේ ජනාධිපතිවරයා හොඳින් සිටින බවත්, මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්වන බවත්ය.