කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටින ඩොනල්ඩ ට්‍රම්ප් වෝල්ටර් රීඩ් මේ වනවිට වෝල්ටර් රීඩ් හමුදා රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු ප්‍රථම වරට වීඩියෝ පණිවුඩයක් නිතුක් කර තිබේ.
"මට ඉමහත් සහයෝගයක් ලබා දීම ගැන සෑම දෙනාටම ස්තූති කිරීමට අවශ්‍යයි" ට්‍රම්ප් සිය නිල ට්විටර් ගිණුමේ පළ කරන ලද වීඩියෝවකින් පැවසීය. "මම හිතන්නේ මම හොඳට වැඩ කරගෙන යනවා. නමුත් අපි දේවල් සාර්ථක කර ගත යුතුයි." මෙය ට්‍රම්ප් ධවල මන්දිරයෙන් පිටත්ව යාමට පෙර පටිගත කළ එකක් බව පැවසෙයි.
මේ අතර ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා සහ වැඩිමහලු පුත් එරික් ට්විටර් පණිවුඩ නිකුත් කරමින් පවසා සිටියේ තම පියා රණ ශූරයෙකු බැවින් ඔහු ඉක්මනින්ම කොවිඩ්-19 වෛරසය ජයගන්නා බවයි.