ඇමෙරිකානුවන් ඔවුන්ගේ ජීවිතවල අධිපත්‍යය දැරීමට එයට ඉඩ නොදිය යුතු යැයි (වෛරසයට යටවී ජීවත් නොවෙමු) එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළත්, ඇමෙරිකානු ජනතාව නියත වශයෙන්ම කොවිඩ්-19 වසංගතයට බියවිය යුතු යැයි එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ තවත් හිටපු අධ්‍යක්ෂවරයෙකු වන වෛද්‍ය ජෙෆ්රි කොප්ලාන් පවසයි.
"වෛරසයෙන් මියගිය පුද්ගලයන් 214,000ක් ඉක්මවා ගොස් තිබෙනවා. නමුත් ඒ බොහෝ දෙනෙකු මිය යා යුතුව සිටි අය නොවෙයි. ඒ නිසා ජීවිත බේරා ගැනීමට හිතකර තත්ත්වයන් අතරට මහජන සෞඛ්‍ය විශේෂඥයන්ට ඇහුම්කන් දීම සහ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්ය වෙනවා." කොප්ලාන් පැවසීය.
"නමුත් මෙතැනදී ඔබේ ප්‍රධානීන්, අණ දාමයේ සිටින පුද්ගලයන් ඔබට සහාය නොදක්වන්නේ නම්, අණ දාමයේ සිටින අය අසත්‍ය තොරතුරු පතුරුවන්නේ නම්, වැදගත් ප්රවෘත්ති සහ ගතයුතු ක්‍රියාමාර්ග හෑල්ලුවට ලක් කරන්නේ නම්, ඒ මාර්ගය දුෂ්කරයි. නමුත් ඒ මාර්ගය වෙනස් කිරීම ඔබ විසින් කළ යුතුයි." කොප්ලාන් පැවසීය.
"එහිදී මේ වෛරසය තුළ ඔබේ නායකත්වය ඔබට එරෙහිව කටයුතු කරන විට, වෛරසයට සගයෙකු සිටිනවා. එය තවදුරටත් ඔබව විනාශ කිරීම සඳහා ප්‍රබල තරඟකරුවෙකු බවට පත් කෙරෙනවා." හිටපු අධ්යක්ෂවරයා පෙන්වා දුන්නේය.
"කෙසේ වෙතත් අපට ඒ ගැන යමක් කළ හැකියි. අපට දැන්ම ආරම්භ කළ හැකියි. රටේ සමහර ප්‍රදේශවල සුදුසු දේ සිදුවෙමින් පවතිනවා. නියමිත මහජන සෞඛ්‍ය පුරුදුවල වගකීම (මුඛ ආවරණ පැලඳීම, නිතර අත් සේදීම, සමාජ දුරස්ථභාව රැකීම ආදී) ඔබ විසින්ම ගැනීම සමාජ වගකීමක් බව සිතට ගත යුතුයි." කොප්ලාන් අවධාරණය කළේය.