කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් නිව්යෝක් නගරයේ වාර්තා වන මරණ සංඛ්‍යාව නිල මරණ අගයට වඩා වැඩිවනු ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන ඊයේ (11දා) නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙයි.
මෙම වාර්තාවෙන් නගරයේ අතිරික්ත මරණ සංඛ්‍යාව පිළිබඳව සොයා බලා ඇති අතර, සාමාන්‍යයෙන් අපේක්ෂා කළ ප්‍රමාණයට සාපේක්ෂව මාර්තු මැද භාගයේ සිට තවත් පුද්ගලයින් 24,172ක් මිය ගොස් ඇති බව තහවුරු වී ඇත.
මෙයින් 19,000ක් පමණ තහවුරු වී හෝ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ විය හැකි බව එම වාර්තාව පෙන්වා දෙයි. නමුත් නගරයේ අතිරික්ත මරණ වලින් 5,000කට වඩා වැඩි සංඛ්‍යාවක් කොවිඩ් -19 සමග පැහැදිලි සම්බන්ධයක් නොමැති බවද නිවයෝක් හි සෞඛ්‍ය හා මානසික සනීපාරක්ෂක දෙපාර්තමේන්තුවේ ඩොනල්ඩ් ඕල්සන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම පවසයි.
බොහෝවිට සමාජ දුරස්ථ පිළිවෙත් අනුගමනය නොකිරීම, රෝහල් සහ සෞඛ්‍ය සේවා සපයන්නන් සොයාගැනීමට නොහැකි වීම සහ කොවිඩ් හා සම්බන්ධ මහජන බිය මෙන්ම, හදිසි ගිලන් රථ සේවා හෝ ජීවිතාරක්ෂක සත්කාර ලබාගැනීමට ප්‍රමාද වීම ආදිය මෙසේ වාර්තා නොවන කොවිඩ්-19 මරණවලට හේතුවිය හැකි බවද කියයි.
ඒ අනුව නිව්යෝක් ප්‍රාන්තයෙන් පමණක් වර්තා වන මෙම ගණනය නොවූ මරණ 19,000ද ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 මරණ අගයට එකතු වූයේ නම් එරට වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව මේ වනවිටත් 100,000 සීමාවට පැමිණ අවසන්ය.