කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා පනවා ඇති සීමාවන් උල්ලංඝනය කළ අයර්ලන්තයේ කෘෂිකර්ම, ආහාර හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය ඩාරා කැලරි ඊයේ (21දා) සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
අයර්ලන්තය පුරා වසංගතය පාලනය කිරීමට සීමාවන් පනවා ඇති පසුබිමක මෙම අමාත්‍යවරයා ප්රමුඛ තවත් පිරිසක් රාත්‍රී භෝජන සංග්‍රයක් වෙනුවෙන් සංචරණ නීතී උල්ලංඝනය කරමින් ගමන් කර ඇති බව වාර්තා වෙයි.
අයර්ලන්ත නායක මයිකල් මාටින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින්, "මේ අවස්ථාවට ඔහු පැමිණීම වැරදියි. කොවිඩ් රෙගුලාසිවලට අනුකූල වීම සඳහා රට පුරා වෙසෙන ජනයා තම පවුල් ජීවිතයේදී සහ ඔවුන්ගේ ව්‍යාපාරවලදී ඉතා දුෂ්කර, පෞද්ගලික පරිත්‍යාගයන් කර තිබෙනවා." සඳහන් කළේය.
අයර්ලන්තය පුරා ආසාදිතයන් ඉහළ යාමත් සමග මේ සතියේ ප්‍රධාන සීමාවන් සැලකිය යුතු ලෙස දැඩි කිරීමට රජය පියවර ගෙන තිබුණි.
මෙම පසුබිම තුළ තම රජයේ සගයන්ට 'අවංක කණගාටුව' ප්‍රකාශ කරමින් කැලරි බ්‍රහස්පතින්දා ට්වීටර් පණිවුඩ කිහිපයකින් සමාව ඉල්ලා සිටියේය.