කළු ගඟට මුහුදු ජලය මිශ්‍ර වීම හේතුවෙන් කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකට අයත් පවුල් පනස් එක්දහස් එකසිය හැට දෙකක් පීඩාවට පත්ව තිබේ.
කළු ගඟ හරහා පානීය ජල මූලාශ්‍රවලට මුහුදු ජලය මිශ්රවීම නිසා මෙම ගැටලුව ඇතිවී තිබෙන අතර, මේ නිසා ජනතාවට බවුසර් මගින් පානීය ජලය සපයන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
වියළි කාලගුණය හේතුවෙන් කළුගඟේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් මෙසේ මුහුදු ජලය මිශ්‍රවී තිබේ.
