කිලිනොච්චිය, පරවිපන්ජාන් ප්රදේශයේ පාලු ළිඳක තිබි මෝටාර් උණ්ඩ හා පතුරම් තොගයක් ඊයේ (08) සවස සොයාගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
පරවිපන්ජාන් ප්රදේශයේ අතහැර දමා තිබු ළිඳක් එහි අයිතිකරු විසින් පිරිසිදු කරන අවස්ථාවේ අදාළ යුද උපකරණ තොගය දැක ඒ බව කිලිනොච්චිය පොලීසියට දැනුම් දී ඇත.
පසුව කිලිනොච්චිය පොලීසිය විසින් අදාළ ස්ථානයට ගොස් සොදිසි කිරිමේදී ළිඳ තුළ තිබි ටි 56 වර්ගයේ ගිනිඅවි පතුරම් තොගයක්, බරඅවි සඳහා යොදාගන්නා පතුරම් කිහිපයක් හා මෝටාර් උණ්ඩ දෙකක් ඇතුලු යුද උපකරණ එලෙස හමුවු බව පොලීසිය සඳහන් කළේය.
සොයාගත් යුද උපකරණ කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්රීය කිරීමට පියවර ගන්නා බවට පරීක්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.