කිලිනොච්චිය, පච්චිලිපලෙයි ඉත්තාවිල් ප්රදේශයේදී අද (04) අලුයම සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පලෙයි පොලීසිය පවසයි.
පලෙයි පොලීසිය පැවසූවේ ටිපර් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින් ලොරි රථයේ හා ටිපර් රථයේ රියදුරන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
ටිපර් රථයේ රියදුරු වයස අවුරුදු 32ක පුද්ගලයෙකු වන අතර ලොරි රථයේ රියදුරු වයස අවුරුදු 40ක පුද්ගලයෙකි.
අධික වේගය හේතුවෙන් වේගය පාලනය කර ගැනීමට නොහැකිවිම මෙම අනතුරට හේතුවි ඇති බව පොලීසිය පවසන අතර, මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.