කලගෙඩිහේන සිදුවීමට ගණිත ගුරුවරයා අධිකරණයට භාර වෙයි
නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයේදි වෑන් රථයකට පහරදීමේ සිදුවීමට අදාළ ගණිත ගුරුවරයා හා තවත් තිදෙනෙකු අද (22දා) නීතිඥයෙක් මාර්ගයෙන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබේ. ඩිෆෙන්ඩර් රථයකින් හා ප්‍රාඩෝ රථයකින් පැමිණි පිරිසකට මාර්ගයේ ඉඩ නොදීම සම්බන්ධයෙන් මෙම පහරදීම ඩිෆෙන්ඩර් රථයේ පැමිණි ගණිත ගුරුවරයාගේ ආරක්ෂකයින් බව කියන පිරිසක් සිදුකළේය.
මෙසේ අධිකරණයට භාරවී ඇත්තේ දිනේෂ් නුවන් අමරතුංග නැමැති ගණිත ගුරුවරයායි.
සිදුවීමට අදාළ නඩුව අද (22දා) අත්තනගල්ල අධිකරණය හමුවේ කැඳවූ අතර මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටි සැකකරුවන් 4 දෙනාද අද අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව සැකකරුවන් 8 දෙනාම ලබන 29 දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියේග කළේය.

popular news
-
shan Monday, 22 July 2019 04:17 PM
වහාම ආරක්ෂක අමාත්‍යංශයේ නීතිමය අවසරයක් නොමැතිව පුත්ගලික ආරක්ෂකයන් තබා ගැනීම හා එම ලබාගත් අවසරය මත ආරක්ෂාවට යොදවන නිලදාරීන් ආරක්ෂක අමාත්‍යංශයේ ලියාපදිංචි අයවලුන් වීම අනිවාර්ය කරන්න. ප්‍රභූ ආරක්ෂාව සපයන රථ ( ඩිපෙන්ඩර් රථ ) පුත්ගලික පරිහරණයට අවසර දීම වහාම තහනම් කරන්න. මැති ඇමතිවරුන්ගේ හා මන්ත්‍රී වරුන්ගේ ආරක්ෂාව සදහා පොලිස් හෝ හමුදා නිලදාරීන් පමණක් යොදා ගැනීමට නීතියක් පනවන්න. කොහෙන් හෝ සොයා ගන්න මැරයන් හා කසිප්පු කාරයන්ට කෝට් කබා පොරවා උන් පොරවල් කර රටේ සිවිල් වැසියනට මරණීය තර්ජනය කරමින් වජබීම වහාම නතර කරන්න. එසේ නොකළහොත් ජනතාවද ආයුධ සන්නධව මාර්ගවල ගමන් කිරීම හා අවැසි තැනදී ප්‍රතිප්‍රහාර එල්ල කිරීම කිසිවෙකුට පාලනය කල නොහැක. මේ බව ආරක්ෂක ඇමති වරයා හා නියෝජ්‍ය ඇමති වරයා හොදින් අවබෝද කරගන්න. සිවිල් ජනතාව යනු කිසිවෙකුගේ අත පල්ලෙන් වැටුන කණ්ඩායමක් නොවන බව හොදින්ම තක තබා ගන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

