කලගෙඩිහේන වෑන් රථයට පහරදීමේ සැකකරුවන් 2ක් අත්අඩංගුවට
නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයක රියදුරුට පහරදීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් පසුව පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම සිදුවීමට සම්බන්ධ WP CAD 8850 දරණ ඩිෆෙන්ඩර් රථය මහරගම, ඇල්හේනපාර ප්‍රදේශයේ නිවසක තිබියදී මහරගම පොලිස් ස්ථානය මගින් පොලිස් භාරයට ගෙන තිබේ.
එම ඩිෆෙන්ඩර් රථයේ රියදුරු වන මතුගම පදිංචි 45 හැවැරිදි ගාමිණී විජේසූරිය හා එහි ගමන්ගත් අවුරුදු 32ක් වයසැති පොලොන්නරුව අරලගංවිල පදිංචි ගීත් ප්‍රසන්න බණ්ඩාර යන අය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

popular news
-
රජින්ද Saturday, 20 July 2019 10:30 AM
ගෙදර ඉන්න මිනිස්සුන්ගේ තරම ගෙදර බල්ලාගෙන් පෙන්නුම් කරනවා. එතකොට ඔය ඩිෆෙන්ඩරයේ අයිතිකාරයා නෙවේ අපිට දැනගන්න අවශ්‍ය ඔය කියන ප්‍රභූ කවුද කියන එකයි. ඕනෑම රටක ඒ වරදට අදාළ පුද්ගලයින්ගේ නම්-ගම් දාන්න කොන්දක් ඒ මිනිස්සුන්ට තියෙනවා. ඇයි හැමදේටම පිටරට ක්‍රමය ගැන කියවන අයට නම්-ගම් එක්ක විස්තරය දාන්න බැරි. මාධ්‍ය වලින් මිනිස්සුන්ට කොලේ වහනකොට මිනිස්සු කොහොමද රට වෙනුවෙන් සුදුසු පුද්ගලයෙක්ව තෝරා ගන්නේ. පාලකයින්ගේ හැම වරදක්ම බය නැතිව හෙළි කල යුතුයි. එවිට ඉබේම ජනතා රැල්ලක් ගොඩනැගෙනවා. එවිට සත්‍ය හෙළි කරන සියලු ආයතන ජනතාව විසින් රකිනවා. සත්‍යට බිය නොවිය යුතුයි. මුලාවෙන් සත්‍ය වැසීමට බිය විය යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

