යුද සමයේදී කොටි සංවිධානය විසින් වළදමන ලද බවට සැකකෙරෙන කිලෝ 15 ක් බරුති අධිබලැති පීඩන බෝම්බයක් මුලතිව් කොක්කුතුඩුවායි ප්රදේශයේ තිබී ඊයේ (09දා) හමු වී ඇති බවට කොක්කුතුඩුවායි පොලීසිය කියා සිටියේය.
1984 වසරෙදී බෝම්බය වළදමා තිබූ ඉඩම හිමිකරු විසින් යුද සමයේදී අතහැර දමා ගොස් ඇති අතර යුද්ධයෙන් පසුව නැවත පදිංචියට පැමිණ ඇත්තේ 2011 වසරේදීය. එහිදී අදාළ හිමිකරු විසින් ඉඩම එළි පෙහෙළි කිරීමට භූමිය සකස් කිරීමේදී මෙම පීඩන බෝම්බය හමුවී තිබේ.