කරූ ජයසූරිය කථානායකතුමා එ.ජා.ප යෙන් තම බෑනාව රජකරවන්න හදන්නේ - ජයරත්න
ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාත් ඒ කාලයේ හිතාගෙන හිටියේ කොහොමහරි තමන්ගේ බෑණා වන රනිල් වික්‍රමසිංහ තමාගෙන් පස්සේ කාලෙකදී මේ රටේ රජවෙයි කියලා. ඒක සිද්ධවුණු නැති නිසා අද කරූ ජයසූරිය කථානායකතුමා තමන්ගේ බෑනාව එක්සත් ජාතික පක්ෂයෙන් රටේ රජකරවන්න තමයි මේ හැමෝමව කඩේ යව යව ක්‍රියා කරන්නේ යැයි හිටපු කැබිනට් අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල ආසන සංවිධායක ජයරත්න හේරත් මහතා පැවසීය.
හිටපු අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ අද කුරුණෑගල මහජන පොළ අසල සංවිධානය කර තිබූ මැතිවරණයක් පවත්වන මෙන් ඉල්ලමින් ජනතාවගේ අත්සන් දසදහස කින් සමන්විත පෙත්සමකට අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු අමාත්‍යවරයා,
අද ජනතා පරමාධිපත්‍ය කියන දේ නැතිවෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ ඉඳන්ම මේ වගේ දේවල් කරා. ඒ නිසා අද ජනතාවගේ ඡන්ද අයිතිය නැතිවෙලා. අද පළාත් සභා විසුරුවලා, තාම මැතිවරණයක් නෑ. ඒ වගේම රටේ තියන අස්ථාවරත්වය ස්තීරත්වයක් බවට පත්කරගන්න ඉක්මනින්ම මැතිවරණයක් තිබිය යුතුයි . අපි කැමතියි බලධාරීන්ට මතක්කරලා දෙන්න තම තමන්ගේ පෞද්ගලික කෝන්තර නිසා රටේ ජනතාවගේ අයිතිය සහ අනාගතය විනාස කරන්න එපා.ඉක්මනින්ම මැතිවරණයක් තියලා අපිට නායකයෙක් තෝරාගන්න අවස්ථාව දෙන්න. අද කුරුණෑගල විශාල ජන සමුහයක් මැතිවරණයක් ඉල්ලා පෙත්සමකට අත්සන් තැබුවා. ඔවුන් එහෙම කරන්නේ ඔවුන්ගේ අයිතිය වෙනුවෙන්. ජනතාවගේ අයිතිය ලබාදීම සහ ක්‍රියාත්මක කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීමක්.
මෙම අවස්ථාවට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව, හිටපු නගරාධිපති ගාමිණි පෙරමුනගේ, කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති අචල නිමන්ත, කුරුණෑගල හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ චන්දිම මල්විල ඇතුළු මහත්ම මහත්මීන් විශාල පිරිසක් සහභාගී විය.

popular news
-
Champa Sunday, 02 December 2018 04:03 PM
කරු ජයසුරිය මාම වෙන්න ඉස්සෙල්ලානේ නවීන් දිසානායකට, ගාමිණී දිසානායක තාත්ත වුනේ. සෑහෙන්න පැටලිලා යූඑන්පීකාරයන්ට. හිටපු සහ ඉන්න.
Reply : 0 0
Lion Sunday, 02 December 2018 04:14 PM
Halo ඕගොල්ලෝ කියන katha දැන් මිනිස්සු ගණන් ගන්නේ නැ.නිකන් මේ රටට පව් දෙන්න එපා
Reply : 0 0
dayan Sunday, 02 December 2018 08:16 PM
වරින් වරට එක එක පිස්සා බහුබූත දොඩවනවා,
Reply : 0 0
Don Sunday, 02 December 2018 10:16 PM
මෙයාට හොඳටම පිස්සු !!
Reply : 0 0
rocky Monday, 03 December 2018 05:43 AM
මහින්ද තමාගේ පුතාව රජ කරවන්න හදන බව තමුසෙට පෙනෙන්නේ නැද්ද? ඔක්කොම පරවාදී වැඩ අනුමත කරමින් සුදනන් වෙන්න හදනවා!
Reply : 0 0
Nandana Monday, 03 December 2018 02:24 PM
මේ මොකාද බෝල , ඔ ලෙවල් වැඩ 8 පාස් ද ?ඔයාටත් බෑනල ඉන්නවද ,නිකමට ඇහුවේ ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

