කථානායක කරු ජයසූරිය මහතාට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පෙරමුණ විසින් යෝජනාකර ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.
මේ පිළිබඳව සාකච්ඡාවක් කථානායක නිල නිවසේදී පැවැති බවටද ඇතැම් මාධ්‍ය තොරතුරු වාර්තා කළත් එම ප්රවෘත්තියද අසත්‍ය බව කථානයක මාධ්‍ය ඒකකය පවසයි.
“කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වය ඇතිව එවන් සාකච්ඡාවක් කථානායක නිල නිවසේ හෝ වෙනත් කිසිදු ස්ථානයක නොපැවැත්වුණු බව සහ කරු ජයසුරිය මහතාගේ අනු දැණුම ඇතිව වෙනත් කිසිවෙකු විසින් හෝ ඔහු වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් සම්බන්ධව එවන් ඉල්ලීමක් සිදු කර නොමැති බවත්, ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.” යැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.