කරු - මෝදි විනාඩි 45ක් සාකච්ඡා
ඉන්දිය පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධනය පරිදි ඉන්දීය සංචාරයකට එක්ව සිටින කථානායක කරු ජයසූරිය මහතා ප්රමුඛ පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවූ බව කථානායක මාධ්‍ය ඒකකය අද (10දා) පැවසුවේය.
මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හා ශ්‍රී ලංකා කථානායකවරයා අතර, විනාඩි 45ක දීර්ඝ ද්වීපාර්ශවික සාකච්ඡාවක් සිදුවූ බවත්, ඛණිජ තෙල් අර්බුදය හේතුවෙන් රාජ්‍ය අංශයේ අවධානය වෙනත් අංශ ගණනාවක් වෙත යොමුව පැවතියද කරු ජයසූරිය මහතා ඇතුළු ධූත පිරිස වෙනුවෙන් ඉන්දීය අග්‍රාමත්‍යවරයා සැලකිය යුතු කාලයක් වෙන් කරමින් සාකච්ඡාවට එලඹීම පිළිබඳව ඉන්දිය මාධ්‍යයන්හි විශේෂ අවධානයක් යොමු වූ බවත් කථානායක මාධ්‍ය ඒකකය පවසයි.
මෙම ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විපක්ෂ නායක ආර්.සම්බන්දන්, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම් ,ගයන්ත කරුණාතිලක,මනෝගනේෂන් යන මහත්වරුන් සහ ඩග්ලස් දේවානන්ද ,විජිත හේරත් යන මන්ත්‍රීවරුන්ද , පාර්ලිමේන්තු මහ ලේකම් දම්මික දසනායක මහතාද අයත් වෙති.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

