ක්‍රයිස්චර්ච් හි මුස්ලිම් පල්ලි දෙකක බැතිමතුන් 51 දෙනෙකු ඝාතනය කරමින්, ස්වයා පාපොච්චාරණයක යෙදුණු සුදු අන්තවාදියාට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කිරීමට නවසීලන්ත අධිකරණය කටයුතු කර තිබේ.
29 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට්, මේ වසර මුලදී මිනීමැරුම් චෝදනා 51ක්, මිනීමැරීමට තැත් කිරීම 40ක් සහ ත්‍රස්තවාදී ක්‍රියාවක් කළ බවට එක් චෝදනාවක් සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබේ.
දඬුවම නියම කිරීමේදී මහාධිකරණ විනිසුරු කැමරන් මැන්ඩර් කියා සිටියේ එවැනි අපරාධයක් සඳහා සීමිත කාලයක් ප්‍රමාණවත් නොවන බවත්, ටැරන්ට් කිසිදු පසුතැවිල්ලක් නොපෙන්වූ බවත්ය.
"ඔබේ අපරාධ කොතරම් දුෂ්ටද කියනවා නම්, ඔබ මිය යන තුරුම ඔබව රඳවාගෙන සිටියත්, එය දඬුවම් හා මේ ප්‍රහාරය හෙලාදැකීමේ අවශ්‍යතා අවසන් නොකරනු ඇති" මැන්ඩර් පැවසීය.
"මට තේරුම් ගත හැකි තාක්දුරට, ඔබ ඔබේ වින්දිතයින් කෙරෙහි කිසිදු සංවේදීතාවක් පෙන්නුම් කරන්නේ නෑ." විනිසුරුවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම නඩු තීන්දුවත් සමග අධිකරණ භූමිය පිටත රැස්ව සිටි වින්දිතයන්ගේ ඥාති හිතමිත්‍රාදීන් ඇතුළු බොහෝ දෙනෙකු සතුටු කඳුළු වගුරුවන ආකාරය දැකිය හැකි විය.