නවසීලන්තයේ, ක්‍රයිස්චර්ච් නගරයේ මුස්ලිම් දේවස්ථානයක ආගමික වතාවත්වල නිරත වෙමින් සිටි පුද්ගලයන් 51 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ ඔස්ට්‍රේලියානු ජාතිකයාට දඬුවම් පැමිණවීමේ අධිකරණමය ක්‍රියාවලිය අද (24දා) වීමට නියමිතව තිබේ.
තනිවම මෙම ප්‍රහාරය දියත් කර තිබූ සුදු අන්තවාදී අදහස් දරන්නෙකු වූ ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට් මාර්තු මාසයේදී මිනීමැරුම් චෝදනා 51ක්, මිනීමැරීමට තැත් කිරීම 40ක් සහ ත්‍රස්ත ක්‍රියාවක් සම්බන්ධයෙන් වරද පිළිගත්තේය.
අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක් භාවිත කරමින් ඔහු විසින් සජීව ෆේස්බුක් ප්‍රචාරයක්ද සහිතව සිදුකළ මෙම ප්‍රහාරයෙන් වසරකට පසුව මෙසේ දඬුවම් පැමිණවීමට නියමිතව ඇති අතර, ක්‍රයිස්චර්ච් මහාධිකරණය දින 4ක දඬුවම් පැමිණවීමේ නඩු විභාගය අතරතුරු ප්‍රහාරයෙන් දිවි ගලවාගත් පුද්ගලයන් 66 දෙනෙකුගේ ප්රකාශයන්ද ඇසීමට බලාපොරොත්තු වෙයි.
නවසීලන්ත ගුවන් හමුදාවට අයත් යානයකින් ඔහු ක්‍රයිස්චර්ච් වෙත රැගෙන ආ අතර, සන්නන්ධ නිලධාරීන් රැගත් සුදු වෑන් රථයකින් ඔහු රැගෙන ඒම සිදුවන අතර, අධිකරණය ආශ්‍රිතව දැඩි රැකවල් යොදා, ජනතාව රැස්වීම් සිමා කර තිබේ.
මෙම නඩු විභාගයේදී ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට මෙම ඝාතකයාටද අවස්ථාවක් ලැබෙන අතර, පසුව ඔහුට දඬුවම් නියම කෙරෙනු ඇත.