කරන්න බැරිවුණ දේ අගමැති කියයි
2015 ජනපතිවරණයට ලබාදුන් පොරොන්දු අනුව ඉටුකිරීමට නොහැකිවූයේ විධායක ජනපති ධුරය අහෝසි කිරිම හා උතුරු නැගෙනහිර ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදීම යන කරුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ සිවිල් සමාජ නියොජිතයන් පිරිසක් අරලිය ගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදිය.
රජය තරගකාරී සමාජ වෙළඳපොළ ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටින බවත් ලබාදුන් බොහෝ පොරොන්දු ඉටුකිරීමට හැකිවූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙහිදි සිවිල් සමාජ ක්‍රියාකාරින් එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති අතර එළැඹෙන ජනපතිවරණය සඳහා 2015 ජනපතිවරණයට එක්ව සිටි පිරිසගේ එක්සත් බව අවශ්‍ය බවත් සඳහන් කර තිබේ.

popular news
-
Champa Sunday, 15 September 2019 07:02 PM
ඔව් ඔව් අනිත් ඔක්කොම කළා. 1. යුධ අපරාධ කළා කියල කොහෙවත් ඔප්පු කරන්න බැරිවුණු අපේ හමුදාව එහෙම කළා කියල කිසි සාක්කියක් නැතුව පාවල දුන්න. 2. රට අනාගාමික කළා. 3. සම්බුද්ධ සාසනය හෑල්ලු කළා, හාමුදුරුවරුන්ට සාසනයට බෞද්ධයන්ට කරන්න පුළුවන් තරම් නින්දා අපහාස කළා. 4. බැඳුම්කර මගඩියෙන් මහා බැංකුව කොල්ල කෑව. 5. ඇමරිකාවයි ඉන්දියාවයි මුස්ලිම් දේශපාලකයොයි එක්ක එකතු වෙලා මුස්ලිම් ත්‍රස්තවාදය ඇති කරලා හාරසිය ගණනකට කිට්ටු මිනිස්සු මරල පන්සීයකට වැඩිය තුවාල කළා. අදටත් ගණන් හිලව් නෑ. 6. මුදල් අමාත්‍යංශය හරහා නොගිහින් ඉවක් බවක් නැතුව ණය ගත්ත. ඇමතිවරුන්ට රට විකුණලා කොමිස් ගහන්න ඉඩ දුන්න. 6. රටේ සියලු වටින සම්පත් විකුණුව. ගත්ත සල්ලි නැහැ. ලාභ ලබන්න තිබුණු මාගම්පුර වරාය විකුණුව. ලාභ ලබමින් තිබුණු කොළොඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණුව. දැන් පලාලිත් දීල. 7. රටේ ඉඩම් සහ හොඳම ව්‍යාපාර සියල්ල විදේශිකයන්ට ගන්න ඉඩ හදල දුන්න. 8. සිංහල බෞද්ධ සමාජය විනාශම කරලා දැම්ම. පාසල් යන ගෑනු ළමයි ගණිකාවෝ කළා. අවුරුදු 8 9 10 කුඩා දරුවන් පවා ලිංගික ක්‍රියා වලට නැඹුරු කළා. ගෙදර බුදුන් ගණිකාවන් කළා. හොඳට හිටිය පිරිමි සමලිංගිකයන් කළා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

