කියුබාවේ නව කොරෝනා වෛරස වසංගතයෙන් පසු ප්‍රථම වතාවට හවානා වැසියන්ට රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් තීරණය කර තිබේ.
එමෙන්ම හවානා සිට රටේ වෙනත් පළාත්වලට යාමට එහි වැසියන්ට ඉඩ නොදෙන බව හවානා ආණ්ඩුකාර රිනාල්ඩෝ ගාර්ෂියා සපාටා ඊයේ (27දා) නිවේදනය කළේය.
කියුබාවේ පාලක කොමියුනිස්ට් පක්ෂය වසංගත වලිගයේ කෙළවර දක්වා පැමිණ ඇති බව ප්‍රකාශ කිරීමෙන් සති කිහිපයකට හවානාහි දෙවැනි කොවිඩ් -19 රැල්ල පාලනය කිරීමට දැඩි අරගලයක නිරතව සිටින බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව රාත්‍රී 7 සිට ඇඳිරි නීතිය අළුයම 5 දක්වා පැනවෙන අතර, එය සැප්තැම්බර් 1 දා ආරම්භ වන අතර අවම වශයෙන් දින 15 ක්වත් පවතිනු ඇති බව කියයි.
එසේම මුඛ ආවරණයක් පැලඳ නොසිටින අයට දඬුවම් වැඩි කරන බවත්, ප්‍රසිද්ධියේ මත්පැන් පානය කිරීම තහනම් කරන බවත් සපාටා පැවසීය.
මිලියන 11ක ජනගහනයක් සිටින කියුබාව මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිතයන් 3,806ක් සහ මරණ 92ක් වාර්තා කර ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පෙන්වා දෙයි.