කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජනතාවට සහන සැලසීම පිණිස රජයේ අවධානය යොමුව ඇති බව ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර ඇතැයිද සභාපතිවරයා සදහන් කළේය.
මාධ්‍යට අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කොට මේ යටතේ මිනුවන්ගොඩ , දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශ තුනෙහි වෙසෙන 72,500 ක් වන ජනතාවට ගෙවීම පිණිස රුපියල් කෝටි 36ක පමණ මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කොට ඇති බවය.
මෙහිදී සහන් ප්‍රදීප් මහතා තවදුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේ, කොවිඩ් 19 වසංගතය ගම්පහ දිස්ත්‍රික්කය තුල යම් පාලනයක් කිරීම පිණිස කටයුතු කිරීම සම්බන්ධයෙන් සතුටුවියහැකි තත්ත්වයක් පවතින බවය.
කොවිඩ් 19 ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයේ තැනින් තැන මතු වූවද දිස්ත්‍රික්කයෙන් පිටත ප්‍රදේශයන්ට ඇදිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවයක් නොවන බව පැවසූ මන්ත්‍රීවරයා පවතින තත්ත්වය පාලනය කිරීමේ හැකියාව පවතින බවද සදහන් කළේය.
කෙසේ වෙතත් ආශ්‍රිතයින් මගින් ආසාදිතයින් හමුවිය හැකි බැවින් සෞඛ්‍ය අංශ දැනුම්දී ඇති ආකාරයට සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.