මීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් රැළිය මීගමු නගර සභා ක්‍රීඩාංගණයේ පැවැත්වු බවට හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුථ හයදෙනෙකුට එරෙහි නඩුව ලබන පෙබරවාරී 26 වැනිදා කැදවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද නියම කළේය.
මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
මෙලෙස අධිකරණයේ පෙනී සිටියේ චන්දන පැල්පිට, පියල් අබේසේකර, හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න, ඔහුගේ බෑණා වන උපුල් චමින්ද පෙරේරා කුමාරසිංහ, ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ ලක්මිණ මුනිදාස නමැත්තන්ය.
බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් සෙවීම සදහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ මත පවරන ලද මුල්ම නඩුව වන්නේද මෙයයි.