මෙවර කැබිනට් මණ්ඩල රැස්වීම උණුසුම් ස්වභාවයක් ගනු ඇතැයි බොහෝ දෙනා ප්‍රකාශ කර තිබුණද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18දා) පැවැති කැබිනට් මණ්ඩලය සාමාන්‍ය අයුරින් පවත්වා ඇතැයි වාර්තා වේ.
පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය පැවැත්වීම වර්ජනය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමට සුපුරුදු පරිදි සහභාගි වී ඇති අතර, පසුගිය සතිය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොතිබීමද විශේෂත්වයකි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ද කිසිවක් ප්‍රකාශ කර නොමැති බව වාර්තා වෙයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අඛණ්ඩව පවත්වන්නේ නම්, කැබිනට් මණ්ඩලයට සහභාගි නොවන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඊයේ (18දා) දිනයේදී කැබිනට් මණ්ඩලයට සහභාගි වී ඇති අතර, මේ සම්බන්ධයෙන්ද කිසිවක් ප්‍රකාශ කර නොතිබීම විශේෂත්වයකි.
මේ අතර, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ (18දා) දිනයේදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.
එමෙන්ම චීන දුම්වැටි ආනයනය කිරීම සම්බන්ධයෙන් මංගල සමරවීර, රාජිත සේනාරත්න හා රවි කරුණානායක යන මහත්වරුන් අතර යම් පරස්පර මතවාද ඇතිවී තිබූ අතර, කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතව සිටින බවට ඔවුන් ප්‍රකාශ කර තිබුණද, එවැනි සාකච්ඡාවක්ද කැබිනට් රැස්වීම තුළ සිදුව නොමැත.
ඒ වෙනුවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කැබිනට් මණ්ඩලයට දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ පණිවුඩ ඇතුළත් අත්පත්‍රිකාවක් බෙදා ඇතැයි වාර්තා වේ.