කප්තුරු සවියෙන් රුපියල් මිලියන 2500ක සහනාධාර
“කප්තුරු සවිය” වැඩසටහනට අනුව, පොල් වගාවේ ඵලදායීතාව ඉහළ නැංවීම සහ කුඩා පරිමාණ පොල් වගාකරුවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, 2026 වර්ෂය සඳහා අක්කර 05ට අඩු පොල් ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ විශේෂ සහනාධාර වැඩසටහනක් පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩසටහන සඳහා රජය විසින් රුපියල් මිලියන 2,500ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇත. පොල් වගාවේ ඵලදායීතාව ඉහළ නැංවීම, පවතින පොල් ඉඩම් නිසි පරිදි නඩත්තු කිරීම සහ වියළි කාලගුණික තත්ත්වයන් හමුවේ පොල් වගාව ආරක්ෂා කිරීම මෙහි ප්‍රධාන අරමුණු වේ.
මෙම වැඩසටහන යටතේ පවතින වගාවට පොහොර යොදා වසුන් කිරීම මගින් පොල් ඉඩම් අක්කර 33,640ක් සංවර්ධනය කිරීමටද, ඩොලමයිට් යොදා වසුන් කිරීම මගින් අක්කර 40,750ක් සංවර්ධනය කිරීමටද සැලසුම් කර තිබේ. එසේම, නිසි ජල සම්පාදන පද්ධති ස්ථාපනය කිරීම මගින් තවත් පොල් ඉඩම් අක්කර 9,000ක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම සහනාධාර වැඩසටහන යටතේ පහත සඳහන් ප්‍රධාන අංශ ඔස්සේ පොල් වගාකරුවන්ට මූල්‍ය සහනාධාර හිමිවේ.
• වැඩුණු පොල් වගාව සඳහා පොහොර යොදා වසුන් කිරීම: එක් පොල් ගසක් සඳහා රුපියල් 700 බැගින්, අක්කරයක් සඳහා උපරිම රුපියල් 44,000ක සහනාධාරයක්.
• පොල් වගාවට ඩොලමයිට් යොදා වසුන් කිරීම: එක් පොල් ගසක් සඳහා රුපියල් 200 බැගින්, අක්කරයක් සඳහා උපරිම රුපියල් 12,800ක සහනාධාරයක්.
• ජල සම්පාදන පද්ධති ස්ථාපනය කිරීම: පොල් ඉඩමේ ජල සම්පාදන පද්ධතියක් සකස් කිරීම සඳහා අක්කරයක් වෙනුවෙන් රුපියල් 50,000ක සහනාධාරයක්.
ඒ අනුව, මෙම වැඩසටහන යටතේ එක් අක්කරයක් සඳහා ලබාගත හැකි උපරිම සහනාධාර මුදල රුපියල් 94,000කි. පොල් වගාකරුවන්ට අවශ්‍ය පොල් පොහොර සහ ඩොලමයිට් පහසුවෙන් හා සහනදායී මිලකට දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ලබාගැනීමේ පහසුකම් ද දැනටමත් සලසා ඇත.
මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පොල් වගා කිරීමේ මණ්ඩලය ඒකාබද්ධව කටයුතු කරනු ලබයි.
මෙම විශේෂ සහනාධාර වැඩසටහන මගින් සුළු පරිමාණ පොල් වගාකරුවන්ට සිය පොල් ඉඩම් නිසි පරිදි නඩත්තු කරමින්, පොල් ගස්වල වර්ධනය හා ඵලදායීතාව ඉහළ නංවා ගැනීමටත්, පවතින දේශගුණික තත්ත්වයන් හමුවේ පොල් වගාව සුරක්ෂිත කර ගැනීමටත් මහඟු අවස්ථාවක් සැලසේ.
ඒ අනුව මෙම සහනාධාර වැඩසටහනට ඉල්ලුම් කිරීමට කැමති සුදුසුකම් ලත් පොල් වගාකරුවන්ට තම ප්‍රදේශයේ පොල් සංවර්ධන නිලධාරී (CDO) හෝ ගොවිජන සේවා මධ්‍යස්ථානය ඇමතීමෙන් හෝ 1916 ක්ෂණික දුරකථන අංකය ඇමතීම මගින් වැඩිදුර තොරතුරු සහ අයදුම්පත් ලබාගත හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
