කන්තලේ ජල නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් නිසා ඒ අවට ප්ර‘දේශ 04කට අනිද්දා (11දා) දිනයේ පැය 21ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව අනිද්දා (11දා) දහවල් 12.00 සිට 12 වැනි බදාදා උදෑසන 9.00 තෙක් මෙම ප්ර‘දේශවලට ජල සැපයුම් අත්හිටුවේ.
මේ අනුව තඹලගමුව, ත්රිකුණාමල නගරය සහ ඒ අතරතුර ඇති සියලුම මාර්ග, කින්නියා බල ප්ර‘දේශය සහ කුච්චවේලි බලප්ර‘දේශයෙන් කොටසකට මෙම කාලය තුළ ජල සැපයුම් අත්හිටුවන බවද ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
මේ නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද ජාතික ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
