කැනඩාවේ ෆෙඩරල් සෞඛ්‍ය ප්‍රතිපත්තියට වගකියනු ලබන, එරට රජයේ දෙපාර්තමේන්තුව වන හෙල්ත් කැනඩා විසින්, ෆයිසර් සහ බයෝටෙක් හි කොවිඩ්-19 එන්නත හදිසි භාවිතය සඳහා අනුමත කර තිබේ.
එන්නත් සකස් කිරීම පිළිබඳ තාක්ෂණික තොරතුරු ගෙනහැර දැක්වෙන දහවල් ප්රවෘත්ති සාකච්ඡාවකදී වැඩි විස්තර බලාපොරොත්තු වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව කැනඩාව මේ සතියේ රට පුරා එන්නත් බෙදා හැරීමද ආරම්භ කර තිබේ.
කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මේ සතිය මුලදී කියා සිටියේ වසර අවසානයේදී කැනඩාවට මූලික මාත්‍රාවන් 249,000ක් ලැබෙනු ඇති බවත්, කැනඩාවේ පළමු එන්නත් කිරීම ලබන සතියේදී සිදුවනු ඇතැයි ඔහු අපේක්ෂා කරන බවත්ය.