කථානායක කොළපාට ඇඳුම් ඇඳගෙන - ගම්මන්පිල
කොළපාට ඇදුම් හැඳ කතානායකවරයා විසින් කරනු ලබන රංගනය හේතුවෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය හා මෙතෙක් කතානායකවරුන් රැකගත් නම්බුව පහළ මට්ටමකට ඇද වැටෙනු ඇතැයි පියිතුරැ හෙළ උරැමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ පිටකෝට්ටේහි පිහිටි පිවිතුරැ හෙළ උරැමය පක්ෂ කාර්යාලයේදී ඊයේ (24දා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී මේ පිලිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
"රණවක මන්ත්‍රිතුමාගේ නිදහස පතා පවත්වන බෝධි පූජාවකට කතානායකතුමා සහභාගි වෙලා තිබෙන බවට වෙබ් අඩවි වාරතා කර තිබෙනවා. මන්ත්‍රිතුමා බලන්න සිර ගෙදරටත් ගිහින් තිබෙනවා. අපේ මන්ත්‍රිවරුන් 11ක් රක්ෂිත බන්ධනාගාර ගත කළා.
එක් අයෙකු බලන්න හිර ගෙදරට ආවාද? අපේ මන්ත්‍රිවරුන්ව ගෙවල් වලට පැනලා අරගෙන ගියා. එක මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා ද? නෑ. තමන් ලංකා ඉතිහාසයේ බිහි වුණු අපකීරතිමත්ම සහ පක්ෂග්‍රාහිම කතානායක බව නැවත වතාවක් කරු ජයසූරිය මැතිතුමා සනාථ කරලා තිබෙනවා.
මේ රටේ අපක්ෂපාතී විය යුතු කතානායකතුමන් කොළපාට ඇදුම් ඇදගෙන මේ කරන විකට රංගනය නිසා පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය හා මෙතෙක් කතානායකවරුන් රැකගත් නම්බුවත් දෙකම ඉතාම පහත් මට්ටමකට ඇද දමන්න කරු ජයසූරිය මැතිතුමන් කටයුතු කරලා තියෙනවා කියන එක ඉතාම කණගාටුවෙන් සදහන් කරන්න ඕනෑ" යැයිද කීය.
popular news
-
Champa Tuesday, 24 December 2019 09:12 PM
අවුරුදු 5ක් තිස්සේ කරපු කතා ආයෙම අහන්න මිනිස්සු ලැහැස්ති නැහැ. ඕගොල්ලෝ තාම කතා කරන්නේ විපක්ෂේ ඉන්නවා වගේ. ජනාධිපතිට කඩේ යන එකේ සීමාවක් තියා ගත්ත නම් නේද හොඳ? ජනාධිපතිවරයා කොහොම හරි අලි සබ්රිගේ පැත්ත අරන් ඇමතිකමක් දුන්නේ නැහැ. ඒ ගැටේට අහු වෙලා ඇමතිකම් එපා කියල ලියුමකුත් දුන්න. අන්න අලුත් ජනාධිපති ගංවතුරෙන් අවතැන් වූවන් එක්ක සෙල්ෆි ගහල. අනේද කියන්නේ. පින්තූරේ ඉන්නේ නම් සැබෑ අවතැන්වූවන් කියල පේන්නේ නැහැ. සෙල්ෆි ගහන්නම ගෙනාපු මිනිස්සු වගේ පේන්නේ. වහින්න පටන් ගත්තේ ජනාධිපතිවරණය දවසේ හවස ඉඳල. වැහැල වැහැල ගංවතුරත් ගලල මිනිස්සු අවතැන් වෙනකනුත් ඉඳල තවත් මිනිස්සු මැරෙනකණුත් ඉඳලා තමයි ගංවතුරෙන් අනාථ වෙච්ච මිනිස්සු බලන්න ගියේ.
Reply : 0 0
Champa Tuesday, 24 December 2019 09:30 PM
දැන් මේ පාර කතානායකට ගහන්න කිව්වේ ජනාධිපති වෙන්න ඕනේ. ඒ මොකොද ජනාධිපති කැමති සජිත් යූඑන්පී එකේ නායකයා වෙනවට. ඒ deal එක 2015 මෛත්‍රී එක්ක තිබ්බ deal එක තරම් පරණ deal එකක්. දැන් කරු යූඑන්පී එකේ නායකයා වෙයි කියල හිතල කරු ජයසූරියට ගහනව. සජිත්ව ලං කරගෙන මහින්දව පැත්තකට කරන්න තමයි සැලසුම. මේවා දැන් කියන ඒවා නෙමෙයි. අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලත් කිව්වා. හැබැයි මිනිස්සු බලා ඉන්නේ නැහැ ඒවා වෙනකම් කියන එක ජනාධිපතිවරයා මතක තියා ගන්න ඕනේ. යූඑන්පී කාරයෝ ලන්කරගන්න නෙමෙයි මිනිස්සු චන්දෙ දුන්නේ. මිනිස්සු චන්දෙ දුන්නේ මුළු යහපාලනයටම එරෙහිව. ඊට මෛත්‍රී සජිත් දෙන්නත් අයිතියි.
Reply : 0 0
Wimal Wednesday, 25 December 2019 01:12 AM
You cannot go to any of those places because you are naked.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

