කථානායක කරුට එරෙහිව අල්ලස්කොමිසමට පැමිණිල්ලක්
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන දින කිහිපයක් ඇතුළත සිය ස්ථාවරය වෙනස් කිරීම සම්බන්ධයෙන් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය කථානායක කරු ජයසුරිය මහතාට එරෙහිවඅල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කළේය.
දින කිහිපයක් ඇතුළත කථානායකවරයා විසින් සිය ස්ථාවරය වෙනස් කිරීමට හේතු වූ කරුණු සහිතව අදාළ පැමිණිල්ල ගොනුකර ඇත.
එහිදී අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ කථානායකවරයා ව්‍යවස්ථා විරෝධීව, සම්ප්රදාය විරෝධීව, සදාචාර විරෝධීව, සාතිශය බහුතර ජනතාවගේ අභිලාෂයට එරෙහිව අත්තනෝමතිකව කටයුතු කරන බවයි.
විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න මහතා පැවසුවේ,1994, 20 අංක දරන අල්ලස් පනතේ 70 වගන්ති ප්‍රකාරව රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂග්රාහීව කටයුතු කිරීමෙන් කරු ජයසූරිය මහතා වසර දහයක කාලයක උපරිමයකට යටත්ව සිරදඬුවම් ලැබිය හැකි වරදක් බැලූ බැල්මට කර ඇති බවයි.
අදාළ පැමිණිල්ල ගොනු කරන අවස්ථාවට ආචාර්ය මාදුරුඔය ධම්මිස්සර හිමි ප්රමුඛ විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක් සහභාගි වූහ.

popular news
-
Champa Thursday, 08 November 2018 09:05 AM
මේ මොකක්ද මේ? "මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන දින කිහිපයක් ඇතුළත සිය ස්ථාවරය වෙනස් කිරීම සම්බන්ධයෙන්...." කොහෙදිද එහෙම කිව්වේ? කෝ සාක්කි? එහෙම කියන්න නම් කථානායකතුමා නිවේදනයක් නිකුත් කරන්න එපාය. කතානායකතුමා නිකුත් කලේ එක නිවේදනයයි. එකේ කිව්වේ එක පැත්තක් තමන්ගේ බහුතරය පෙන්වනකම් කලින් විදිහ පිලිගන්නවා කියලා. මේක යකාගේ වැඩක්නේ යකෝ. දැන් හදන්නේ කතානයකතුමාව බයකරලා ව්‍යවස්ථාවිරෝධී පත්වීම පිලිගන්නවා කියන්න. මහින්ද TNA එකෙන් ආණ්ඩුවක් හදන්න සහය ඉල්ලන කොට බලා හිටපු මිනිස්සු එනවා දැන් කතානායකගේ වැරදි හොයන්න. කතානායකතුමා බය වෙන්න එපා. මේ ගැන වහාම ප්‍රකාශයක් කරන්න තමන්ට මහින්දගේ පාර්ශවය අනවශ්‍ය බලපෑම් කරන්න එනව කියලා. අනිත් එක තමන්ගේ ජීවිතේ පරිස්සම් කරගන්න.මම මේක indirectly CT එකට ලිව්වා. හැබැයි මේක දැක්කට පස්සේ කෙලින්ම කියනව. වාහන අනතුරු වලින් පරිස්සම වෙන්න. මේ හදන්නේ දෙන්නක් විතර මරල හරි ආණ්ඩු බලය ගන්න. එනපොට හොඳ නැහැ. හයිරන්කාරකම් වලින්නේ දැන් බලය ගන්න හදන්නේ. බැසිල්ට ඕනේ දේවල් වෙන්නේ නැහැ. කවුරුකවුරුත් ජීවිත පරිස්සම් කරගන්න එක හොඳ. ශික් මහින්දවත් කනවා. මම කවදාවත් හිතුවේ නැහැ
Reply : 0 2
Lion Thursday, 08 November 2018 09:53 AM
තමුන්ලවගේ අපටත් යමක් කියවල තේරුම් ගන්න පුළුවන් .කතා නායකගේ ස්ථාවරය හරි කොහෙන්ද ඕගොල්ලෝ උපාදි ගත්තේ .රටට vihilu spayanna එපා
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

