රුහුණු මහා කතරගම පුද භූමියේ සේවය කරන සමහර කපු මහත්වරුන් ජනතාවගෙන් ලැබෙන මුදල් හා රත්රන් ඇතුළු භාණ්ඩ අවභාවිතා කරමින් තිබෙන බව අගෝස්තු මාසයේ තේවාව භාර කපු මහතාගේ පුත් අනුරාධ අධිකාරම් මහතා සඳහන් කළේය.
අද (15 දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.
එබැවින් මේ පිළිබඳව විගණනයක් සිදුකරන ලෙසට ජාතික විගණන කොමිසමට පැමිණිලි කරන බවත්, අගෝස්තු මාසයේ තේවාව භාර තම පියාණන් වන පද්මසිරි රංජිත් අදිකාරම් මහතා වැඩබලන බස්නායක නිලමෙවරයා විසින් පත්කර තිබුණද, ජාවාරම්වල නිරතවන කපු මහතුන් කිහිප දෙනෙකු විසින් මහදේවාලයේ යතුර තම පියාට ලබානොදෙන බවත් හෙතෙම මෙහිදී සඳහන් කළේය. මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
