කුඩා දරුවන්ට උනත් සමඟ කුඩා වතුර බිබිලි සහිතව වැළඳී පසුව එම වතුර බිබිලි පුපුරා ගොස් තුවාල වීමේ වෛරසයක් මේ දිනවල උතුරේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වීම හේතුවෙන් ඒ පිළිබඳව දෙමාපියන් සැළකිලිමත් වෙන්නැයි සෞඛ්‍ය නිලධාරීන් විසින් දැනුවත් කොට ඇත.
අදාළ වෛරසය වැළඳී පවතින කාලය එක් එක් දරුවාගේ ප්‍රතිශක්තිකරණය වන අතර එම කාලය සතියේ සිට මාසයක් පමණ විය හැකි බැවින් හැකි පමණින් රෝගය වැළඳී ඇති දරුවන්ගෙන් අනෙක් දරුවන් වෙන් කොට තබාගන්නා ලෙසටද සෞඛ්‍ය නිලධාරීන් පවසති.
මෙම වෛරසය වැළඳීමෙන් පසුව බොහෝ විට දරුවන්ගේ අතේ අල්ලෙහි මෙන්ම පිටතද කකුලේ යටිපතුල්හි සහ ශරීරයේ තැනින් තැන රතුපාට බිබිලි මෙන්ම වතුරු බිබිලි ලෙසින් දක්නට ඇති අතරම කුඩා දරුවන්ට එය මහත් වේදනාකාරී හෙයින් උණරෝගයද දින ගණනක් යන තුරු පවතින බවත් වෛරයසය අවුරුද්දකටත් අඩු දරුවන්ටත් වැළඳි ඇති බවට වෛරසය වැළඳුනු කුඩා දරුවන්ගේ මව්පියන් පවසයි.
මෙම රෝගය පැපොල රෝගයට සමාන නමුත් එතරම් බිය විය යුතු නැතත් කුඩා දරුවන්ට මෙම රෝගය වැළඳී ඇත්නම් කුඩා දරුවන් එළිමහනේ තැබීමෙන් වළකින ලෙසත් පෙරපාසල් මෙන්ම පාසල් නොයවා දරුවන් නිවසේ තබා ආරක්ෂා කරගන්නා ලෙසද උතුරේ සෞඛ්‍ය නිලධාරීන් දෙමාපියන්ගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියි.