හොරොයින් මත්කුඩු ග්‍රෑම් 27ක් ළඟ තබාගෙන ජාවාරම් කිරිමේ වරදකට වරදකරු වූ කොළඹ මාලිගාවත්තේ පදිංචිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
මෙම වරදකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් 2012/9/13 දා අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර ඇත බව විනිසුරුවරයා සිය තින්දුව ප්‍රකාශ කරමින් පැවැසීය.