කටුපොල් වගාව නතර කිරිමට කැබිනට් අනුමැතිය
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව නතර කිරිමට නොවැම්බර් මස 11දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව තමාට දැනුම් දි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද (28) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් පරිසර කමිටුවේදි අදහස් දක්වමිනි.
කටුපොල් වගාව නතර කිරිම සඳහා කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇති බැවින් මින් ඉදිරියට දිස්ත්‍රික්කය තුළ කටුපොල් වගා කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බාධාවක් නොමැති බව මෙහිදි දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පැමිණ සිටි පොලිස් නිලධාරීන්ට දන්වා සිටින ලදි.
එහිදි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ මේ සම්බන්ධව ක්‍රියාත්මක විම සඳහා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු අදාළ නිලධාරීන් වෙත මෙම තීරණය දැනුම් දෙන බවයි.
කටුපොල් වගාවෙන් සිදුවන පරිසර හානිය සම්බන්ධව මහජනතාවගෙන් සහ විවිධ පාරිසරික සංවිධාන මගින් දැඩි විරෝධයක් එල්ලවුණු අතර නිශ්චිත තීරණයක් නොලැබීම හේතුවෙන් පසුගිය කාලයේ දිස්ත්‍රික්කය පුරා බොහෝ ගැටලු ඇති විය.
ගාල්ල - සිරංගිකා ලොකුකරවිට
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

