කටුනායකට හදිසියේ ගොඩබැස්සවූ ගුවන් යානයේ මළ සිරුරු දෙකක්
ගුවන් මගීන් 287 රැගෙන සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව බලා පියාසර කරමින් තිබූ ලයන් එයා ගුවන් සේවයට අයත් ගුවන් යානයක්, එහි ගමන් ගත් ගුවන් මගීන් දෙදෙනකු මිය යාම නිසා අද (13දා) අලුයම හදිසියේම කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ.
ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ ඉහළ අහසේ ගමන් ගනිමින් තිබියදී , එහි ගමන් ගත් ගුවන් මගීන් දෙදෙනකු සිහිසුන්ව වූ බවට ගුවන් නියමුවා විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත දන්වා, එහි ගොඩ බැස්සවීමට අවසර ඉල්ලා තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ඉන්දුනීසියානු ජාතිකාවක් හා ජාතිකයෙකි. පසුව ඔවුන්ගේ මළ සිරුරු 1/13 දින උදෑසන 7.40 ට පමණ ගුවන් යානයෙන් ඉවත් කර , මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර තිබේ.
ගුවන් යානය අභ්‍යන්තරය පිරිසිදු කිරීමෙන් පසුව , ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගෙන උදෑසන 8.45 ට පමණ නැවතත් ගුවන් යානය ඉන්දුනීසියාව බලා පිටත්ව ගියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

