කටුනායකට ආපු යානය ත්‍රිකුණාමලයෙන් පිටත් වෙයි
ව්‍යාපාරිකයන් පිරිසක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි පෞද්ගලික ගුවන් යානයක්, ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරෙන් අද (06දා) දින සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
මෙම ගුවන් යානය තුළ සිංගප්පූරු ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනකු සහ චීන ජාතික ව්‍යාපාරිකයන් තිදෙනකු සිට ඇත.
ඔවුන් රැගත් මෙම ගුවන් යානය ඉකුත් 1/03 දින කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. පසුව මෙම පිරිස රැගත් මෙම ගුවන් යානය ඊයේ (05දා) ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුර වෙත ගොස් තිබේ.
ඉන් අනතුරුව මෙම ගුවන් යානය අද දහවල් 11.00 ට පමණ ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ගුවන් යානා 1948 අංක 20 දරන ආගාමික සහ විගාමික පනත යටතේ පිටත්ව යා යුතු වන්නේ අනුමත තොටුපළකින් පමණි. එසේ අනුමත තොටුපළවල් 13 ශ්‍රී ලංකාවේ පවතී.
ඒවා අතර කටුනායක, මත්තල, රත්මලාන ගුවන් තොටුපළ මෙන්ම,කොළඹ, ගාල්ල , හම්බන්තොට , නොරොච්චෝලේ වරායන් ද වේ.
මීට පෙරද පසුගිය යුද්ධ සමයේදී මේ ආකාරයට ඇන්ටන් බාලසිංහම් උතුරු ප්‍රදේශයේ ඉරණවිල වැවට තම ගුවන් යානය බස්සවා තිබුණි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවෙන් බැහැර වන අවස්ථාවලදී වත් මේ අකාරයට ත්‍රිකුණාමලය ගුවන් හමුදා ධාවන පථය භාවිත කර නොමැත.
එහෙත් මෙම ගුවන් යානය පිටත්ව යෑම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය හිමි තිබූ බව වාර්තා වේ.
මෙම ගුවන් යානය පිටවීම සඳහා ආගමන - විගමන දෙපාර්තමේන්තුව භාවිත කර ඇත්තේ ත්‍රිකුණාමලය වරාය රබර් මුද්‍රාව බවද වාර්තා වේ.
කටුනායක ටී.කේ.ජී.කපිල

popular news
-
කප්පිත්තා Monday, 07 January 2019 09:17 AM
මේ සිද්දියේ වැරැද්දක් නැහැ. තිරිකුණාමලේ වරායේ සීල් එල වලංගුයි තිරිකුණාමල අහස්යාත්රා තොටුපළෙන් නොරටට යන ගුවන්නැව් වලට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

