කටුනායක ගුවන්තොටුපළ තුළ මත්පැන් ජාවාරමක් ?
උත්සව සමය ආරම්භ වීමත් සමග කටුනායක ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය මුල් කර ගනිමින් අඩු මිලට මත්පැන් මිලට ගෙන වැඩි මිලට විකිණීමේ ජාවාරමක් සරුවට ක්‍රියාත්මක වන බව ගුවන් තොටුපළ සේවක පිරිස් පවසති .
මෙයට ගුවන් තොටුපළ විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරන සේවකයින් මෙන්ම , ගුවන් තොටුපළට අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් ද මෙම ජාවාරම සම්බන්ධ වී සිටින බවද ඔවුහු පවසති .
නිදසුනක් ලෙස වැට් - 69 වර්ගයේ විස්කි බෝතලයක් තීරු බදු රහිත මිලට රුපියල් 3,100කට මිලදී ගන්නා මොවුන් , පසුව එය ගුවන් තොටුපළ තුළදීම රුපියල් 4,200කට අලෙවි කරන බවද සැලවේ .
මොවුන් මෙම මත්පැන් බෝතල් විවිධ රථ වාහන යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ දුර බැහැර ප්‍රදේශ වල පවත්වා ගෙන යනු ලබන මත්පැන් අලෙවි සැල් වෙත තොග වශයෙන් අලෙවි කිරීමේ යෙදී සිටින බවද ගුවන් තොටුපළ සේවකයෝ වැඩිදුරටත් පවසති .
කටුනායක - ටි.කේ.පි කපිල

popular news
-
rocky Saturday, 06 April 2019 09:29 AM
මෙය කාලයක් තිස්සේ කෙරුණ ජාවාරමක් බවට සැකයක් මා තුල පැවතුන. මගුල් ගෙවල්, පාටි , වැනි උත්සව වලට ගෙනවුත් තිබුන වැට් 69, බ්ලැක් ඇන්ඩ් වයිට් කියන විස්කි වර්ගවල රස විඳින්න මට කිහිප අවතාවක ඉඩ ලැබුන. දිවේ තැවරුණ හැටිය මට වැටහුනා මේවා නම් විස්කි වෙන්න බැරි බව! අමු එතනෝල්!! හොයලා බලන්න. කවුරු හරි බලසම්පන්න ජාවාරම් කාරයෙක් බෝතල් පුරවනවා !! ජොනියද දන්නෙත් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

