යාපනය මූල්‍ය ආයතනයක සේප්පුවක තිබී රුපියල් කෝටියකට අධික (රුපියල් 111,691,991) උකස්කරන ලද රන් භාණ්ඩ ඒවා උකස් කළ පුද්ගලයන්ට ලබාදීමට කටයුතු කළ එම ආයතනයේ හිටපු කළමනාකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ආයතනයේ සේවකයන් තිදෙනෙකුගේ සහාය ඇතිව හිටපු කළමනාකරු මෙම රන් භාණ්ඩ සේප්පුවේ ලබාගෙන තිබේ. සැකකරු ඊයේ (26-දා) රාත්‍රියේ යාපනය පොලිස් ස්ථානය ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබේ.
මූල්‍ය අපරාධ කෙට්ඨාසය මේ පිළිබඳව විමර්ශන පවත්වයි.