කටුනායක නිදහස් වෙළෙද කලාපයේ ඊයේ දින සිදුකල පී.සී.ආර් 1119කින් අද උදෑසන වන විට කෝවිඩ් ආසාදිතයින් 11ක් වාර්තා වී ඇත.
ඒ අනුව එම කලාපයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 28ක් දක්වා වර්ධනය වී තිබේ.
කටුනායක නිදහස් වෙළෙද කලාපයේ ඊයේ දින (11) සිදුකල පීසීආර් පරීක්ෂණ වලින් කොරෝනා ආසාදිතයන් තිදෙනෙක් අද දින (12) වාර්තා වි ඇති බවත් ඒ අනුව කලාපයේ කොරෝනා පොකුර 21 දක්වා ඉහල ගොස් ඇති බව කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක ඉදුනිල් සමරතුංග මහතා පැවසිය.
මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වි ඇත්තේ කටුනායක නිදහස් වෙළෙද කලාපයේ පවත්වාගෙන යන ප්‍රධානතම ඇගලුමි කමිහලක් වන නෙක්ස්ටි ආයතනයේ සේවකයන් 20 කට සහ චිප්වෙි ඇගලුමි කමිහලේ එක් සේවකයෙකුට බවත් වාර්තා වි ඇත.
මෙි වනවිට කලාපයේ කමිහල් කිපයක සේවක සේවිකාවන් 1500 කට අධික පිරිසක් කටුනායක ආයා්ජන ප්‍රවර්ධන පරිශ්‍රයේදිම පීසීආර් පරීක්ෂණ සදහා යොමු කොට ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂක සමරතුංග මහතා පැවසිය
ජාඇල තිස්ස කොටින්කඩුව/කටුනායක ටී.කේ.ජී. කපිල