ඖෂධ තොග වශයෙන් පවතීනම් ලියාපදිංචියේ වෙනසක්
වෛද්‍යවරුන් විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඖෂධ තොග වශයෙන් රැස්කර තබා ගන්නේ නම්, එම මධ්‍යස්ථානය ඔසු සැලක් ලෙස ලියාපදිංචි කිරීම අනිවාර්ය වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, සමස්ත ලංකා පෞද්ගලික ඔසු සැල් හිමියන්ගේ සංගමයේ කළුතර දිස්ත්‍රික් සැසිවාරයට එක්වෙමිනි.
වෛද්‍යවරුන් ඖෂධ තොග වශයෙන් රැස්කර තබා ගැනීම ගැටලුවක්ව ඇති බවට එහිදී ඔසු සැල් හිමියන් පෙන්වා දුන් අතර, ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මේ පිළිබඳ තමන්ට මීට පෙරද පැමිණිලි ලැබී තිබූ බවත්, ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් වැටලීම් ආරම්භ කරන බවත්ය.
මේ අතර, පෞද්ගලික ඔසු සැල්වල සිටින ඖෂධවේදීන් සහ අනෙකුත් කාර්යමණ්ඩල සඳහා පුහුණුවක් ආරම්භ කිරීමටද සැසියේදී තීරණය විය.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, පවතින ඖෂධවේදීන්ගේ හිඟය හේතුවෙන් ඖෂධවේදීන් වැඩි වශයෙන් පුහුණු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

