ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා
රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ඉදිකෙරෙන බොරැල්ල, වනාතමුල්ල ඕවල් විව් රෙසිඩන්සි නිවාස ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.
පසුගිය ආණ්ඩුව කාලයේ දී වසර 1 1/2 ක පමණ ප්‍රමාදයක් මෙම නිවාස සංකීර්ණය ඉදිකිරීමේ දී සිදු වූ අතර අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව මේ වන විට ඉදිකිරීමේ කටයුතු කඩිනම් කර තිබේ.
2020 මාර්තු මාසයේ දී මෙම නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි. රාජ්‍ය සේවකයින් වෙනුවෙන් මෙම නිවාස ව්‍යාපෘතිය 2014 වසරේ නොවැම්බර් මාසයේ දී ආරම්භ කළේ වර්තමාන ජනාධිපති, එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුවය. 2015 වසරේ දී මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු නතර කෙරුණු අතර නැවත මෙහි ඉදිකිරීම් කටයුතු 2016 වසරේ මැද භාගයේ දී ආරම්භ කෙරිණි. පෙර විකුණුම් පදනම මත ඉදිකිරීම් ආරම්භ කෙරුණු මෙම නිවාස සංකීර්ණයේ නිවාස 608ම මේ වන විට විකිණි අවසන්වී ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘති අධ්යක්ෂ ඊ.ඒ.සී. ප්‍රියශාන්ත මහතා ප්‍රකාශ කරයි. මෙම ව්‍යාපෘතියට වැය කරන මුදල රුපියල් බිලියන 6කි. නිදන කාමර 3කින් සමන්විත නිවාස 304කින් සහ නිදන කාමර 2කින් සමන්විත නිවාස 304කින් මෙම මහල් නිවාස සංකීර්ණය සමන්විතයි. මෙහි එක් නිවාස වර්ගයක් වර්ග අඩි 680ක් වන අතර අනෙක් නිවාස වර්ගය වර්ග අඩි 880ක් වේ. අංග සම්පූර්ණ මෙම මහල් නිවාස සංකීර්ණය තට්ටු 25කින් සමන්විතයි. රථ ගාලක්, ළමා උද්‍යානයක්, ව්‍යායම් මධ්‍යස්ථාන 2ක්, වෙළෙඳ සංකීර්ණයක්, පිහිනුම් තටාකයක් ඇතුළු පහසුකම් රෙසකින් මෙය සමන්විත වේ. වනාතමුල්ලේ පිහිටි පී. සරණමුත්තු ක්‍රීඩාංගණය අසළම මෙම නිවාස සංකීර්ණය පිහිටා ඇත. වසර 15ක් වසර 20ක් රාජ්‍ය සේවයේ යෙදී සිටින නිලධාරීන් සහ සේවකයින් මෙම නිවාස මිලදී ගෙන ඇති බවත් ඔවුන් සහන ගෙවීමේ ක්‍රමයට ණය පහසුකම් ද සමඟින් මෙම නිවාස ලබා ගෙන තිබෙන බවත් නිවාස ව්‍යාපෘති අධ්යක්ෂ ඊ.ඒ.සී. ප්‍රියශාන්ත මහතා ප්‍රකාශ කරයි.
popular news
තද වැසි පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හදුන්කුරක් නිසා මුළු ගමක්ම පිරමීඩ ජාවාරමකට හසුවෙයි
මධ්‍යම අධිවේගයට චීන එක්සිම් බැංකුවෙන් ගන්න ණය මුදල්වල පොලිය වැඩි කරලා
උඩුනුවර සමූපාකාර ඡන්දය 9-0ක් ලෙස පොදු විපක්ෂය ජය ගනියි
බිරිඳගේ හත් දවසේ බණ දිනයේ සැමියාත් මිය යයි
මහින්ද රාජපක්ෂ එල්ලා මැරිය යුතුයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd