ඕනෑම මොහොතක වෛද්‍ය වර්ජනයක්
වෛද්‍යවරුන්ට හා වෛද්‍ය සේවාවට ඇති වී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකරන නිසා හෙට (20දා) දිනයෙන් පසු ඕනෑම මොහොතක වෛද්‍ය වැඩවර්ජනයක් ආරම්භ විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අදාළ ගැටලු විසඳන ලෙසට බලධාරීන්ගෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කළද එයට ප්‍රතිචාර නොමැති නිසා අද (19දා) පැවැත්වූ තම සංගමයේ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගත් බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ වෛද්‍යවරුන්ට හා වෛද්‍ය සේවාවට ප්‍රධාන වශයෙන් ගැටලු 10ක් ඇති වී තිබෙන බවයි.
එම ගැටලුවලින් ප්‍රධානම ගැටලු වී තිබෙන්නේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් නොකිරීම, වෛද්‍යවරුන්ගේ ශ්‍රේණි උසස්වීම් ගැටලු හා නව දේශීය ආදායම් බදු පනත හරහා වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන්ගේ වැටුපෙන් බදු අයකිරීම ආදිය බවද ඒ මහතා සඳහන් කළේය.
මීට අමතරව ස්ථාන මාරු ලැබූ හා විදේශීය අධ්‍යාපනය නිමවා පැමිණි වෛද්‍යවරුන්ගේ දරුවන් 89 දෙනෙකුට තවමත් ඉල්ලුම් කළ රජයේ පාසල් ලැබී නොමැති බවත්, මේ නිසා එම වෛද්‍යවරුන් දැඩි කලකිරීමට ලක්ව සිටින බවත් ඔහු කියා සිටියේය.
මෙම දරුවන් 89 දෙනාට මේ වසරේ ජනවාරි මාසයේ සිට රජයේ පාසල් ලබාදිය යුතුව තිබූ බවත්, එසේ නොමැතිවීම නිසා සමහර දරුවන් පෞද්ගලික පාසල් තුළ හා දෙමාපියන්ගෙන් තොරව රැඳී සිටිමින් අධ්‍යාපනය හදාරන බවත් හෙතෙම කියා සිටියේය.
වෛද්‍යවරුන්ට ලබාදෙන බාධා කිරීම්, රැඳී සිටීමේ හා ප්‍රවාහන දීමනා යාවත්කාලීන නොකිරීම නිසා ගැටලු ඇති වී තිබෙන බවත්, වෛද්‍ය පරිපාලන සේවයේ පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම නිසා රෝහල් තුළ පරිපාලන ගැටලු ඇති වී තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙම ගැටලු සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ව විසඳිය යුතු බවද හෙතෙම පවසා සිටියේය.

popular news
-
Don Saturday, 21 July 2018 11:53 PM
GMOA executive members have got "Strike -Factor " positive in their blood
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

