ඔස්ට්‍රේලියාවේ නව කොරෝනා වෛරසයේ උණුසුම් ස්ථානය ලෙස සැලකෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් සතියකට වැඩි කාලයක් තුළ ආසාදනවල ඉහළ යෑමක් ගෙවීගිය දිනයේ පෙන්වා තිබේ.
එරට දෙවැනි වැඩිම ජනගහනය සහිත ප්‍රාන්තය වන වික්ටෝරියා, කොවිඩ්-19 ආසාදිත මරණ 5ක් සහ ආසාදිතයන් 45ක් මෙසේ ගෙවීගිය දිනයේ වාර්තා කර ඇත.
ඊට පෙර දිනයේ ප්‍රාන්තය තුළ දෛනික මරණ 8ක් සහ ආසාදිතයන් 28ක් වාර්තා කර ඇති අතර, එය මාස තුනකට ආසන්න කාලයක් තුළ අවම දෛනික ආසාදන සංඛ්‍යාව විය.
ගිනිකොනදිග ප්‍රාන්තය මේ සතියේ සීමා කිරීම් ලිහිල් කිරීමට පටන් ගත්තේ දැඩි අගුලු දැමීමකින් පසුවය.
පසුගිය අගෝස්තු මුලදී 700කට වැඩි ඉහළ ආසාදන සංඛ්‍යාවක් දක්වා වාර්තා වූ අතර, පසුව දැඩි අගුලු දැමීමේ පියවර හමුවේ ආසාදන ඉලක්කම දෙකක අගය දක්වා පහත වැටුණි.