ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනගහනය සහිත ප්‍රාන්තය හෙවත්, වසංගතය යළි පැතිරයාමේ අපිකේන්ද්‍රය බවට පත්ව ඇති වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගෙවීගිය පැය 24ක කාලය තුළ ආසාදිතයන් 113ක් වාර්තා වී තිබේ.
ගෙවීගිය දිනයේදීද මේ ආකාරයෙන්ම ආසාදිතයන් 113 දෙනෙකු එම ප්‍රාන්තය ආශ්‍රිතව හඳුනාගෙන තිබුණු බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
සති තුනකට පමණ පෙර වික්ටෝරියා හි කොවිඩ්-19 ආසාදන දිනෙන් දින ඉහළ යාමෙන් දෛනිකව ආසාදිතයන් 700කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කිරීමෙන් පසුව දැඩි අගුලු දැමීමේ පියවර ගත් අතර, මේ වනවිට එහි බලපෑම නිසා ආසාදිතයන්ගේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව කියයි.
ඔස්ට්‍රේලියාව මේ වනවිට කොවිඩ්-19 ආසාදන 25,500කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර වික්ටෝරියා හි ගෙවිගිය දිනයේද පුද්ගලයන් 12 දෙනෙකු මිය යාමෙන් පසු මියගිය සංඛ්‍යාව 584ක් දක්වා ඉහළ ගොස් තිබේ.