ඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 වෛරසයට ප්‍රතිචාර දැක්වීමේ ප්රයත්නයට එරෙහිව මෙල්බර්න් පාර්ලිමේන්තුව ඉදිරියේ සිදුකළ සැලසුම්සහගත විරෝධතාවයක් අතරතුර විරෝධතාකරුවන් 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
වික්ටෝරියා පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම විරෝධතාකරුවන් විරෝධතාකරුවන් විශාල රැස්වීම් සහ සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙන් එරට ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියාගේ වර්තමාන නියෝගයන්ට සෘජුවම පටහැනි ලෙස ක්‍රියාකර ඇති බවයි.
එහිදී විරෝධතාකරුවන් තිදෙනෙකුට පොලිස් නිලධාරීන්ට පහරදීමේ චෝදනාවද එල්ල වූ අතර, මෙම පහරදීමෙන් එක් නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මෙම විරෝධතාව දැක්වූ අයට අතිරේක දඩ මුදල් නිකුත් කිරීමේ අදහසින් පැමිණ සිටි අය හඳුනා ගැනීම සඳහා පොලීසිය මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන බවද වැඩිදුරටත් සඳහන් වෙයි.