ඔබගේ හා රටේ වාසනාවට බටේ පත්තු වෙන්නේ නැතිව ඇති
ගිනි ගොඩක් උඩ ඉන්න අයට අර්ජුන නිවාස දෙයි
කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා ඉන්ධන ගෙන යන නළය ආශ්රිත රක්ෂිත ප්‍රදේශයේ අනවසරයෙන් පදිංචිව සිටින සියලුම පවුල් සඳහා නිවාස ලබා දෙන බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පැවැසීය.
එහි එක් අදියරක් අද ක්‍රියාත්මක වූ අතර එහිදී අදහස් ක්වමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
“ඔබ සියලු දෙනා තමයි මේ බටේ උඩ ජිවත්වුණු අය. මට එක වෙලාවකට හිතුණා ගිනිගොඩක් උඩ ඔබ සියලු දෙනා කොහොමද හිටියේ කියලා. ඔබගේ වාසනාවටත් රටේ වාසනාවටත් මේ බටේ පත්තු වෙන්නේ නැතිව ඇති.
මේ බටේ පත්තු වුණානම් මුළු කොළඹම අවාසනාවන්ත තත්ත්වයක් ඇති වෙන්න තිබුණා. නමුත් අද අපි සැලසුම් සහගතව නිසි ක්‍රමවේදයක් යටතේ මේ බටය උඩ අනවසරයෙන් පදිංචිව සිටින සියලු දෙනා නැවත වෙනත් ස්ථාවල පදිංචි කිරීමට කටයුතු කරනවා. ඇත්තටම උසාවි තීන්දුවෙන් අපට කියලා තිබුණේ අනවසර පදිංචියෙන් සිටින ඔබ සියලු දෙනාම ඉවත් කරන්න කියලා.
පසුගිය ආණ්ඩු කාලේනම් රෑට ඇවිල්ලා පැය ගාණක් යන්න කලින් ඔබට ගහලා ඉවත් කරනවා. ඔබ සියලු දෙනාටත් වෙන්නේ පාරේ අඬ අඬා ඉන්න. නමුත් අපේ ආණ්ඩුව එහෙම කළේ නැහැ.”යි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

popular news
-
Manoj Wednesday, 24 October 2018 06:47 AM
Anawasara padinchi karuwan nan mokatada gewal denne? Eken karanne minissu anawasara weda walata unandu karana eka. Oka othanin iwara wenne na. Thawa aya padinchi wenawa. Eyalatath denna wei. Anawasara idam wala padinchi wenne loku plans athuwa. Weredi deta anubala denna epa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

