එළවළු මිල ගණන් වලට බලපෑ උතුරේ කාලගුණය
පසුගිය දිනයන්හි උතුරු පළාතට බලපෑ කුණාටු සහිත වර්ෂාවන් හේතුවෙන් හා ගංවතුර තත්වයන් නිසා උතුරේ එළවළු වගාවන් විනාශ වී යාමත් හේතුවෙන් උතුරු පළාතේ සියලුම එළවළු මිල ගණණ් ශ්‍රීඝයෙන් වැඩි වී ඇති බවට එළවළු වෙළෙන්ඳන් කියා සිටිති.
උතුරු පළාතේ එළවළු බොහෝ සෙයින් වගා කෙරෙන බැවින් ලංකාවේ අනෙකුත් පළාත්හි එළවළු මිල ගණන් ඉහළ ගියද උතුරු පළාතේ එළවළු මිල සාමාන්‍ය තත්වයක් පැවතියද පැවති අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් උතුරේ එළවළු වගාවන් විනාශ වී ඇති බවට එළවළු ගොවීහු කියා සිටිති.
උතුරේ එළවළු හිග වීම හේතුවෙන් දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ සිට එළවළු ගෙන ඒමට සිදුවීම හේතුවෙන් එළවළු වෙළෙන්ඳන් එළවළු රැගෙන එන ප්‍රවාහන කුලියද සමග එළවළු විකිණීම නිසා එම මිල ගණන් දැරීමට නොහැකි බවට උතුරේ පාරිභෝගිකයින් කියා සිටිති.
වර්ෂාව හේතුවෙන් උතුරේ එළවළු වගාවන් විනාශ වුවද මේ වනවිට උතුරේ සෑම වැවක්ම පිරී පවතින හෙයින් ඉදිරි මාස කිහිපය තුළදී උතුරේ එළවළු වගාවන් සිදු කොට ඉහළ ගොස් ඇති මිල නැවත යථා තත්වයට පත් වෙනු ඇති බවටද උතුරේ එළවළු ගොවීහු වැඩිදුරටත් කියා සිටිති.
මේ අනුව උතුරේ එළවථ වෙළඳපොළවල්හි එළවළු කිලොවක මිල ගණන් මෙලෙසින් දැක්වේ.
තොග මිල සිල්ලර මිල
මාලූ මිරිස් රුපියල් 500-600 600-800
අමු මිරිස් රුපියල් 700-750 850-900
බෝංචි රුපියල් 200-230 250-300
ගෝවා රුපියල් 150-170 200-230
ලීක්ස් රුපියල් 250-270 300-330
කැරට් රුපියල් 200-240 250-280
බීට් රුපියල් 190-210 230-250
වැටකොලූ රුපියල් 160-190 210-245
බණ්ඩක්කා රුපියල් 150-170 190-220
කරවිල රුපියල් 210-230 250-290
වම්බටු රුපියල් 170-200 220-250



popular news
-
Duminda Thursday, 29 November 2018 07:02 AM
කොහොමද වෙනස සනීපද ??
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
