එල්ලුම් ගහට අලුතින් කඹ මිලදී ගැනීමක් නෑ
එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සඳහා අලුතින් කඹයක් මිලදීගැනීමට කිසිදු සූදානමක් නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
එල්ලුම්ගහ සඳහා විදේශයකින් ගෙන්වූ හොඳ තත්ත්වයේ පවතින කඹයක් මේවනවිට බන්ධනාගාරයේ පවතින බවත්, එය තත්ත්ව පරීක්ෂාවක් සඳහා පමණක් යොමුකර ඇති බවත් ඇය පවසා සිටියාය.
එල්ලුම්ගහ සඳහා නව කඹයක් මිලදී ගැනීමට සූදානමක් පවතින බවට සිදුකෙරෙන ප්‍රකාශ අසත්‍ය බව පැවසූ අමාත්‍යවරිය,
"අලුත් කඹයක් ගේන්න යනවා කියලා කවුද කිව්වේ? කවුරුත් කඹයක් ගෙන්න යන්නේ නැහැ. ඒක බොරුවක්. මරණ දඬුවම ගැන කතාකරද්දී ඒ දේවල් ගැන අමාත්‍යාංශ ලේකම් සොයාබැලීම සමාන්‍ය සම්ප්රදාය. මෙසේ කළ සොයාබැලීම තමයි අද මේ කඹයක් ගෙන්නන්න යනවා කියලා පැතිරීගෙන යන්නේ.
දැනට මේ සඳහා ගෙන්වූ හොඳ කඹයක් තිබෙනවා. එහි ප්‍රමිතිය පරීක්ෂා කරන්න ප්‍රමිති ආයතනයට යොමු කර තිබෙනවා. එපමණයි සිදුකර තිබෙන්නෙ" යැයිද ප්‍රකාශ කළාය.

popular news
-
Champa Thursday, 21 February 2019 05:41 PM
මේවා තමයි ආණ්ඩුවට තියෙන news. "එල්ලුම්ගහ ගේනවා ගේනවා ගේනවා." "එපා එපා එපා." "එල්ලන්න හිටපු මිනිස්සු එල්ලන්න බැහැ appeal කරලා කරලා කරලා." "එහෙම හරි යන්නේ නැහැ කවුරු විරුද්ධ වුනත් මම එල්ලනවා එල්ලනවා එල්ලනවා." "ඔන්න මිනිස්සු පඩි නැතුව වධකයා වෙන්න ඉල්ලනනවා ඉල්ලනවා ඉල්ලනවා." "කඹේ කඹේ කඹේ." "කඹේ හොඳයිද නැත්නම් කැඩෙයිද?" "කඹයක් පිටරටින් ගේනවා ගේනවා ගේනවා." "නැහැ නැහැ කඹ අලුතින් ගන්නේ නැහැ නැහැ නැහැ." "දැන් මම කසිප්පු අල්ලනවා අල්ලනවා අල්ලනවා. "එපා එපා එපා." " කසිප්පුකාරයෝ appeal කරලා කරලා කරලා." .........................
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

