එයා එහෙම කරන එකක් නෑ - මහින්ද මෛත්‍රීට කියයි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් ධුර කාලයක් වෙනුවෙන් බලයට පැමිනි හෙයින් ඉදිරියේදි පැවැත්විමට නියමිත ජනපතිවරණය ඔහු කල් නොදමනු ඇතැයි තමන් සිතන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද පෙරවරුවේ කොළඹ පාසල්වලට ගොස් ආරක්ෂක තත්ත්වය සොයා බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදි මාධ්‍ය විමසා සිටියේ ජනපතිවරණය කල් දැමීමේ සූදානමක් ඇතිද යන්නයි. එයට පිළිතුරු දුන් මහින්ද රජපක්ෂ මහතා,
“එයා එහෙම කරන එකක් නෑ. එයි එක පාරකටනේ ආවේ. එහෙම කල්දාන්න සූදානම් ජනපතිවරයෙක් නෙමෙයි කියලයි මම හිතන්නේ.” යැයි පැවැසීය.
එසේම පාසල්වෙත යෑම පිළිබඳවද ඔහු අදහස් දැක්වීය.
“මේ බිය ජනතාවගෙන් තුරන් කරන්න ඕන. කන්තෝරුවට යන්නේ නැතිව ඉන්න බෑ. පාසල්වලට යන්නේ නැතිව ඉන්න බෑ. එහෙම වුණොත් මේ රටට විශාල හානියක් වෙනවා. දරුවෝ යනවනම් තමයි විශ්වාසය ගොඩ නගන්න පුළුවන්.
හමුදාපතිවරයා පොලිස්පතිවරයා කියනවනම් බය නැතිව යන්න කියලා බය නැතිව යන්න ඕන. අපි සැලසුම් කරන්න ඕන ආයෙත් මේ වගේ සිදුවීමක් ඇතිවුණොත් මුළු ජනතාවම පාරට බස්සන්න. නැත්නම් ත්රස්තවාදයට අපි යටවෙනවනේ.
මම ජනපතිටත් අගමැතිටත් මේ ගැන කිව්වා. ඒ අයටත් සම්බන්ධ වෙන්න කිව්වා.”

popular news
-
Thilak Tuesday, 21 May 2019 01:54 PM
Obathumama neda boamba pipirenawai kiyala minissu bayakarakara lamai pasalwalata yanna epakiyala bayakare.ada kohomath lamai enabawa danna nisa ekenuth lakunu daagena api modayata andannamai balanne.
Reply : 176 150
chandana Tuesday, 21 May 2019 03:47 PM
මෙයම තමි කිව්වේ 13 බෝම්බයක් තියනවා පාසල් යවන්න එපා kiyala, දැන් තත්වය Honda කොහොමත් ලමි යන බව දන්නා හින්ද තව බිඉලයක් ගහනවා , අනේ මෙහෙමත් දේශපාලුවෝ
Reply : 123 36
chathuri Tuesday, 21 May 2019 04:41 PM
මුන්ගේ. දිවට. කළුගල් වලින් තාප්පයක් බදින්න ඕන. ,ඇට නැති දිවෙන් බෝම්බ ගහන්න ,ගිනිතියන්න. ,කොටවන්න මොනවද . බැරි. , විපක්ෂයේ. උන්ගේ දිව විතරයි. මේ විදියට. කරන්න ඕන , මුන්. මැරුණත් මිනිසුන්ට. සෙතක්. නැහැ.
Reply : 109 24
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

