කොරෝනා වෛරස තත්වයේ බලපෑම හේතුවෙන් ගෝලීය වශයෙන් ගුවන් මගී ප්‍රවාහන කර්මාන්තය වර්ථමානයේ ලක්ව ඇති පසුබෑමට පිළිතුරු ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය මගී ප්‍රවාහන එයාර්බස් A330-300 යානාවක් තාවකාලිකව ගුවන් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් සඳහා පමණක් භාවිත කළ හැකි පරිදි මගී ආසන ඉවත් කරමින් පරිවර්ථනය කර මෙහෙයුම් සඳහා එක්කිරීමට සූදානමින් සිටියි.
මෙම පරිවර්ථනය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ මූලික එකඟතාව හිමිවූ අතර, එම පරිවර්ථන කාර්යය නිමවීමෙන් පසු ගුවන් යෝග්‍යතා ප්‍රමිතීන්වල අනුකූලතාවය සළකා බලා ගුව න්යානාව මෙහෙයුම් සඳහා එක්කිරීමට අනුමැතිය ලබාදීමට නියමිතය.
එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය ගුවන් යානා වල ගුවන් භාණ්ඩ කුටීරයට අමතරව ගුවන් මගී කුටීරයේද ප්‍රමිතීන්ට අනුකූල වෙමින් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අනුමැතිය හිමිකරගෙන ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතා, කොරෝනා වෛරස තත්ත්වයේ බලපෑම හේතුවෙන් ගුවන් මගී ප්‍රවාහන කර්මාන්තය කිසියම් පසුබෑමකට ලක්ව ඇති අවස්ථාවක ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙලෙස ගුවන් යානාවන් කාර්යක්ෂම ලෙස මෙහෙයුම් ක්‍රියාවලියේ යෙදවීමට ගන්නා උත්සාහය ප්‍රශංසනීය බව සඳහන් කළේය.